
- වේගය
- කැෂ් මෙමරි ප්‍රමණය
- මවුපුවරුවට සවිකිරීමට ඇති හැකියාව
- වගකීම් කාල සිමාව
වැදගත්,
පෙන්ටියම් ෆෝ ප්‍රොසෙසරයක් සාමන්‍යයෙන් විකුණන්නේ එයට උචිත කුලින් ෆැන් එකක් හා හීට් සින්ක් එකක් සහිත පැකේජයක් ලෙසය.(පහත රුපයේ පරිදි)

ඒඑම්ඩ් හෝ වෙනත් වර්ගයක ප්‍රොසෙසරයක් ගන්නා විට ඊට වඩාත් සුදුසු කුලින් ෆැන් එකක් සොයා සවි කළ යුතුය.එහි විශාලත්වය වැඩි වන තරමටම ප්‍රොසෙසරයක් හොදින් සිසිල් වේ.එවිට පරිගණකය ක්‍රියාත්මක වීමේදී වඩා හොද කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර ස්ටක් වීමද අඩු වේ.ප්‍රොසෙසර් නිෂ්පාදන සමාගම් නිතරම අලුත් තාක්ෂණය රැගත්, වඩා වේගවත් මෙන්ම කාර්යක්‍ෂම ප්‍රොසෙසර් නිපදවීමට පෙළබේ.අද මිලදී ගන්නා අලුත්ම ප්‍රොසෙසර් සහා ඊට සරිලන මවුපුවරුව තවත් අවුරුද්දක් යන්නට මත්තෙන් පැරණි වන අතර ඒවාට ගැළපෙන අලුත් අමතර කොටස් වෙළද පොළෙන් සොයා ගැනීම අසීරු වනු ඇත.උදාහරණයක් ලෙස අද වෙළද පොළේ පෙන්ටියම් ත්‍රි හෝ පෙන්ටියම් ෆෝ වර්ගයේ පැරණි ප්‍රොසෙසර් හෝ ඒවාට ගැළපෙන මවුපුවරු මිලදී ගන්නට නැත.දැන් ඇත්තේ එල්ජීඒ ප්‍රොසෙසරයක් හා මවුපුවරුවක් පමණි.මේ නිසා ප්‍රොසෙසරයක් තෝරා ගැනීමේදී අලුත් මාදිලියක එකක් තෝරා ගැනීම වාසි සහගතය.













2 comments:
Post a Comment