New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

December 20, 2011

ලෑස්තිද Mobile එකෙන් ටොරන්ට් බාගන්න?

දවස දවස ගෙවී ගෙවී අවුරුද්දක නිමාවකුත් ළගා වෙනවා.ඉතින් දැන් හැමෝම අලුත් අවුරුද්දට කඩවල් ගානේ ගිහිං ඇදුම් පැළදුම් තෝරනවා ඇති ලහි ලහියේ.කෙල්ලෝ ඉන්න කොල්ලන්ගේ පසුම්බියට හුගාක් තට්ටු වෙන කාලයක් තමා මේ වගේ උත්සව සමයක් පැමිණියාම.මොකද ඉතින් කෙල්ලෝ එක්ක ෂොපින් ගිහිං අන්තිමට කෙල්ල කදමලු බැදගෙන ගෙදර යනවා.කොල්ලා හිස අතින්ම ගෙදර.එහෙම කොල්ලන්ව හුරං කාලා අන්තිමට ඊට වඩා සල්ලි කාරයෙක් එක්ක යන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.අත්දැකීමෙන් කියන්නේ.ඒ නිසා කොල්ලෝ ටික පොඩ්ඩක් කෙල්ලන්ට වියදම් කරන එක සීමා සහිතව වියදම් කරන්න.ඔබලා කෙල්ලන්ට වියදම් කරන්නෙත් ඔබලාගේ දෙමාපියන් දුක් මහන්සියෙන් උපයන මුදල් හෝ ඔබ උපයන මුදල් හෝ වේවා අර පරිස්සමෙන් පාවිච්චි කරන්න.මොකද අද තියෙන ජිවන තත්වය අනුව අංක එකේ සල්ලි කාරයා උනත් රස්සාවක් කරනවා ජිවත් වෙන්න.ඉතින් පොඩ්ඩක් කෙල්ලට වියදම් කරන එක අඩු කරගෙන ඉතුරුම් ගිනුමක තැන්පත් කර එයින් ලැබෙන පොළියෙන් ඔබට ජිවත් වීමට හැකියාව තිබෙන අතර එයින් ඔබට මුදල් අවශ්‍ය තාවයක් පැන නැගුනොතින් අවශ්‍ය ඕනෑම මොහොතක බැංකුවට ගොස් ඔබේ තැන්පතු මුදලින් අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගත හැකිය.එහෙම තැන්පත් කරලා තිබ්බොත් කාටවත්ම ණය වෙන්න ඕනෙත් නැහැ.

කථාව පොඩ්ඩක් දික් උනා.මම කියන්න හිටියේ එක නෙවෙයි.නමුත් මට කියන්න ඕන උන දෙයින් බාගයක් කීමට හැකියාව ලැබුණා.ඉතුරු ටික ඉදිරි ලිපියකින් කියලා දෙන්නම්.ඉතිං අපි හැමෝම ටොරන්ට් ෆයිල් බාන්නේ පරිගණකය හරහාය.නමුත් ඔබලා දන්නවා ජංගම දුරකථනයෙන් ටොරන්ට් ෆයිල් බාගන්න විදිය.නමුත් එකට ඔයාලා පාවිච්චි කරන්නේ මොබයිල් ටොරන්ට් මුදුකාංගය.එයින් සම්පුර්ණ පහසුකම් ලබාගන්න මුදල් ලබා දිය යුතුය.නමුත් එයින් ටොරන්ට් ෆයිල් එකක් බාගැනීමට හුගාක් අමරුය.ඊට වඩා පහසු විදියට ටොරෙන්ට් බාගන්න ක්‍රමයක් මට ලැබුණා.එක අපි පරිගණකයෙන් ටොරන්ට් බාගන්නවා තරම් සරළය.නමුත් මෙය තාම Nokia Symbian දුරකථන සදහා පමණක් වලංගු වේ.එහෙනම් මොබයිල් එකෙන් ටොරන්ට් බාගන්න කට්ටිය කැමති ඇතිනේ.එහෙනම් මෙච්චරයි කරන්න ඕන.සරලව කියලා දෙන්නම් ඔක්කොම.

  • මුලින්ම ඔබගේ ජංගම දුරකථනය ටොරන්ට් බාගැනීමට අවශ්‍ය මුදෘකාංගය අඩංගු ෆයිල් එක බාගෙන extract කරගන්න.

    • දැන් ඔබ එම ෆයිල් එක ඇතුලේ තියෙන sis ෆයිල් එක ඔබගේ නොකියා සිම්බියන් මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්න.
    • දැන් ඔබ ඔබගේ ජංගම දුරකථනයේ වෙබ් බ්‍රවුසරයෙන් ටොරන්ට් අඩවිය [www.torrentz.com] වෙත පිවිසෙන්න.මේ සදහා ඔබගේ ජංගම දුරකථනයට Opera Mini Browser එක හරහා ටොරන්ට් අඩවියට පිවිසීම ඉක්මන් හා පහසුය.
    • දැන් සාමාන්‍ය පරිදි ඔබ ටොරන්ට් ෆයිල් එක ඔබගේ පරිගණකයෙන්බාගන්නා පරිදි ඔබගේ ජංගම දුරකථනයට බාගන්න.
    • දැන් ඔබ ඉන්ස්ටෝල් කරගත්තු symtorrent මුදෘකාංගය වෙත පිවිසෙන්න.දැන් ඔබ බාගත්තු ටොරන්ට් ෆයිල් එක එම මුදෘකාංගයට තෝරා දිය යුතුය.ඒ සදහා එහි ඇති Option > Add torrent යන්න.
    • දැන් ඔබට ඔ‍බගේ දුරකථනයේ මතකය හා මෙමරි කාඩ් එකේ මතකයද පෙන්වයි.එහිදී ඔබ බාගත්තු ටොරේන් ෆයිල් එක අඩංගු ෆෝල්ඩර් එක වෙත් පිවිස එම ෆයිල් එක ලකුණු කර OK කරන්න.
    • දැන් ඔබ තෝරපු ෆයිල් ඒක ඩවුන්ලෝඩ් වේ.දැන් ඔබ බාගන්නා සම දෙයක්ම ඔබ සොෆ්ට්වෙයා ඒක ඉන්ස්ටෝල් කරද්දී තෝරපු ඩ්‍රයිව් එකේ BitTorrent කියලා ඇති ෆෝල්ඩර් ඒක වෙත ඩවුන්ලෝඩ් වේ.
    • ඔබට තව කොච්චර ඩවුන්ලෝඩ් වීමට තිබේද නැද්ද කියලා බලාගැනීමට තිරයේ පෙන්වන අතර එය සවිස්තරාත්මකව බලාගැනීමට Option > Show detail තෝරන්න.
    • දැන් ඔබට පහත පරිදි දැක ගත හැකි අතර එම ෆයිල් ඒක ඔබගේ ජංගම දුරකථන සේවා දායකයා විසින් සපයන වේගය උපරිමයටම තබා ගනිමින් ඔබගේ ෆයිල් ඒක ඩවුන්ලෝඩ් වේ.

    [සැ.යු: මෙහි ඩවුන්ලෝඩ් වීමට peers හොදට තිබෙන ටොරන්ට් ෆයිල් ඉතාමත් ඉක්මණින් ඩවුන්ලෝඩ් වෙන අතර peers අඩු ෆයිල් බොහෝ විට ඩවුන්ලෝඩ් නොවීමටද ඉඩ තිබේ.එම නිසා ව්‍යාජ නොවෙන ටොරන්ට් ෆයිල් සෑම විටම ඩවුන්ලෝඩ් කරගන්න]

    December 19, 2011

    බ්ලොක් කරලා කියලා සැකද?


    ඉතිං මිතුරණි ඔයාලට කොහොමද? අපි නම් විවිධ තර්ජන ගර්ජන මැද කාලය ගෙවමින් සිටි.නමුත් ඔබලාගෙන් ලැබෙන සහායෝගය නිසා අපි ඒවාට නොබියව නොසැළී සිටිනවා.ඒ කථා කියන පුද්ගලයා ගැන අපි මීට පෙර ලිපි 3ක් මගින් මුළු ලෝකයාටම හෙළි කරා.එහෙම වෙලත් ලැජ්ජාවක් නැති ඔහු අපගේ අඩවි ජාලය අඩපණ කිරීමට හුගාක් වෙහෙසක් ගන්නවා.ඔහුගේ එක් තර්ජනයක කියවුනේ විදේශිකයෙකුට මුදල් ලබා දී හෝ අපගේ අඩවි ජාලය අඩපණ කරන බවය.එයට අපි නොබියව මුහුණ දීමට දැන් සුදානමින් සිටි.පැය 24 පුරා අපගේ අඩවි ජාලයේ ඇඩ්මින්වරයකු හෝ අවදිව එයට මුහුණ දීමට සුදානම් වී අවසානය.

    හරි අපි හැමෝම වගේ දැන් මුහුණු පොතේ හෙවත් ෆේස්බුක් එකේ ගිණුමක් හදාගෙන එහි සාමාජිකයකු වී අවසානය.මම නම් දැන් ෆේස්බුක් ගිණුම සාදාගෙන අවුරුදු 3ක් පසු වී අවසානය.නමුත් දැන් ටික කලකට පෙර හදුනවා දුන් මිතුරන් බ්ලොක් කිරීමේ ක්‍රමය නිසා ෆේස්බුක් එකේ ඔබලාට වද දෙන ඔහු හෝ ඇයව බ්ලොක් කිරීමට මිතුරන් පෙළබි සිටි.කෙල්ලෝ තමා හුගක්ම එහෙම බ්ලොක් කරන්නේ.සමහර කෙල්ලෝ හිතන් ඉන්නේ එයා තරම් ලස්සන කෙල්ලෝ නැහැ කියලා.දැන් කෙල්ලන්ගේ රහස් අවයවය තියෙන්නේ ඔළුව උඩ.ඉතිං දැන් ලංකාවේ ඉන්න කෙල්ලෝ යන්නේ පොළොවට අඩියක් විතර උඩින්.ඉතිං එහෙම බ්ලොක් කරාම එය හෝ ඔහු ඔයාලව බ්ලොක් කරලද කියලා හොයා ගන්න විදියක් නැහැ.නමුත් එහෙම බ්ලොක් උන ඔක්කොම අය හොයාගන්න බැරි උනාට එක විදියක් තියෙනවා.එකෙන් ඔයාලට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදමින් ඔහු හෝ ඇය ඔබව බ්ලොක් කරලද නැද්ද කියලා වෙහෙසෙන්න ඕන නැහැ.එකෙන් ඔයාලට පහසුවෙන් අවශ්‍ය මිතුරා හෝ මිතුරිය ඔයාව බ්ලොක් කරලද නැද්ද කියලා හොයා ගන්න පුළුවන්.මෙච්චරයි කරන්න තියෙන්නේ,
    • පළමුව ඔබගේ ෆේස්බුක් ගිණුම වෙත පිවිසෙන්න[Log In].
    • දැන් ඔබ වෙබ් බ්‍රවුසර් එකේ වෙනමම ටැබ් එකක් විවෘත කර ගූගල් අඩවිය වෙත පිවිසෙන්න.දැන් එහි සෙවුම් තීරුවේ ඔයාට බ්ලොක් කරලද නැද්ද යන්න සොයා ගැනීමට අවශ්‍ය ඔහුගේ හෝ අයගේ ෆේස්බුක් ගිණුමේ ඇති නම ටයිප් කරා සොයාගන්න.

    • දැන් එහි සෙවුම් ප්‍රථිපලවල ඇති ඔහුගේ හෝ අයගේ ෆේස්බුක් ගිණුම පෙන්වයි.[එකම නමින් සිටින සියලු දෙනාම පෙන්වයි]. දැන් ඔබ එම ලින්ක් එක ක්ලික් කරා විට වෙනම වෙබ් පිටුවකට යන අතර එහිදී ඔ‍බට The page you requested was not found යන පණිවිඩය දිස් වූවොතින් ඔහු හෝ ඇය ඔබව බ්ලොක් කර තිබේ.


    [ඔබ සොයන කෙනා ෆේස්බුක් ගිණුම තාවකාලිකව වසා දමා තිබේනම් ගූගල් සෙවුමේ නොපෙන්වයි]

    December 18, 2011

    ඔබ කැමති විදියට ඡායාරූප සාදාගැනීම 2

    හුගක් දෙනෙක්ගේ ප්‍රියතම කාර්යයක් තමා ඡායාරූපකරණයේ නිරත වෙන එක.නමුත් ඔවුන් හෝ ඔබ ගන්න ඡායාරූප කෙසේ ගත්තත් පොඩි පොඩි අඩුපාඩු තිබෙන බව කවුරුත් නොදන්නවා නැතුව ඇති.නමුත් මේ සෑම අඩුපාඩුවක්ම සදා ගැනීමට අපි ඇඩෝබි ෆොටෝෂොප් මුදෘකාංගය තමා ප්‍රයෝජනයට ගන්නේ.නමුත් අපි විසින් ඊට සමාන මුදෘකාංගයක් දෙනු ලැබුවා.

    එකත් පාවිච්චි කරන පිරිසක් ඇතිනේ.ඉතිං තවත් එවැනි ග්‍රැෆික් වැඩවලට උපකාරී වන මුදෘකාංගයක් තමා Photomatix Pro මුදෘකාංගය.මෙය මගින් ඔබට මෙන්ම ඡායාරූපකරණය ගැන නොදන්නා හා පරිගණක ග්‍රැෆික්ස් වැඩ ගැන නොදන්නා කෙනෙකුට උවවද මෙයින් වැඩ කිරීමට පහසු ලෙස සැලසුම් කර තිබෙන මුහුණත හරහා පුළුවන්.මෙහිදී ඔබට අවශ්‍ය ඡායාරූපයේ පිරිසක් සිටින ඡායාරූපයක් නම් එහි ඔබට අවශ්‍ය කෙනා වෙනම තෝරාගත හැකිය.

    ඔබ තෝරාගන්නා පුද්ගලයාව වෙනමම වින්ඩොව් එකක් පෙන්වන අතර එහිදී ඔබට‍ අවශ්‍ය විදියට එම ඡායාරූපයට පසුබිම් තලයක් වගේම අවශ්‍ය නම් ඔහුව හෝ ඇයව තවත් කෙනෙකු සමග එකට තියන්න පුලුවන්.තවද මෙහිදී ඔබගේ බාල ඡායාරූප ඉතා උසස් මට්ටමකට ගත හැකිය.නමුත් එය ඡායාරුපය හුගක්ම බාල තත්වයේ තිබේ නම් හැකිතාක් උසස් මට්ටමකට පමණක් ගත හැකිය.තවද මෙහි,
    • Take multiple photographs at varying exposure levels
    • Merge the photos into an HDR image
    • Adjust the settings to get the look you want: from natural-looking with Exposure Fusion to painterly or surreal with Tone Mapping
    යන පහසුකම්ද ලැබෙන අතර තවත් බොහෝ පහසුකම්ද ඇත.ඡායාරූපකරණයේ විශිෂ්ටයකු වීමට පහතින් මුදෘකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

    December 15, 2011

    ඔබ කැමති විදියට ඡායාරූප සාදාගැනීම

    කොහොමද කට්ටියම හොදින් ඇති කියලා හිතනවා.ඉතින් අවුරුද්දත් ගෙවිලා යන්න තව දවස් 15ක් වගේ තමා ඉතුරු.ඉතින් එහෙම අවුරුදුත් යද්දී අපි නිකම්ම වයසට යනවා.එහෙම වයසට ගියත් අපි නම් මැරෙනකන්ම මෙම අඩවි ක්‍රියාත්මක කරනවා.කසාද බැන්දොත් එදාට අන්න ළමයට කියලා අඩවිය පරම්පරා ගණනාවක් පවත්වාගෙන යන්න උපදෙස් දෙන්නවා.

    ඒ කතා වැඩක නැහැ.අපි ඡායාරූපයක් ගත්තොත් එකෙත් කරන්න හුගක් වෙනස් කම් තියෙනවා.එක්කෝ ඡායාරූපයේ එළිය වැඩියි.නැත්තම් වෙන මොකක් හෝ ප්‍රශ්නයක.එහෙම අවස්ථාවකදී තමා අපි ග්‍රැෆික් ඩිසයින් කරන සොෆ්ට්වෙයා එකක් උපයෝගී කරගන්නේ.නමුත් හුගක් දෙනෙක් බාවිතා කරන්නේ Adobe Photoshop මුදෘකාංගය.නමුත් එය මිලදී ගත යුතුය.තවත් දෙයක් තමා එය බාගැනීමට ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් ගෙන් ලැබෙන වේගයත් සමග සැසදු විට අඩුම තරමේ පැයකටත් වඩා යයි.මේ www බාවිතා කලොත් පැය 4කට වඩා යයි.

    නමුත් ඊට වැඩ හොදින් ඒ ආකාරයටම ග්‍රැෆික් ඩිසයින් කිරීමට ඇති මුදෘකාංග තිබේ.ඒවගෙන් බොහොමයක් පැය බාගයෙන් බාගෙන ඉන්ස්ටෝල් කර එයින් ප්‍රයෝජනය ගන්න පුළුවන් කමයි.නමුත් ඒවත් මුදල් ලබා දිය යුතුය අත්හදා බැලීමේ සංස්කරණය නිමවූ පසු.එහෙම පහසුවෙන් බාගෙන වැඩ කල් හැකි මුදෘකාංගයක් තමා Zoner Photo Studio Pro 14 මුදෘකාංගය.මෙගාබයිට් 88ක් තරම් කුඩා මෙම මුදෘකාංගයෙන් ඡායාරූප එඩිට් කිරීමට අමතරව ඡායාරූප බාගැනීමේ හැකියාව මෙන්ම share කරගැනීමේ හැකියාවද තිබේ.එමෙන්ම,
    1. 3D ඡායාරූප සාදා ගැනීම.
    2. Panorama ඡායාරූප සාදා ගැනීමට.
    3. පහසුවෙන් ඔබගේ ඡායාරුපය Flicker,Facebook හා Picasa වැනි අඩවිවලට අප්ලෝඩ් කිරීමට.
    යන පහසුකම් ඇති අතර ඊට අමතරව Advanced photo corrections,Advanced RAW processing module,HDR photo wizard හා Numerous PRO-only features යන පහසුකම්ද ලැබේ.පාවිච්චියට පහසු අයුරින් මෙහි මුහුණත සකසා ඇති නිසා ඡායාරූප කරණය ගැන නොදන්නා කෙනෙකුට වුවද මෙයින් පහසුවෙන් වැඩ කරගත හැකියාව තිබේ.එහෙනම් ඡායාරූප කරණයේ විශිෂ්ටයකු වීමට පහතින් මුදෘකාංගය බාගන්න.


      December 12, 2011

      Torrent Direct Download කරන්න!


      ගොඩක් අය අපෙන් අහලා තිබුණා torrent IDM වලින් download කරන විදිය කියලා දෙන්න කියලා?ඒ අය වෙනුවෙනුයි මෙ ගැන නොදන්න හැමෝම වෙනුවෙනුයි අද ඒ ගැන කියලා දෙන්න හිතුවා?වැඩි මහන්සියක් නැතුව අපිය මෙ දේ කරගන්න පුලුවන්,අනික මෙ වැඩෙන් torrent වලින් පැය 6 ක් විතර ගත වෙන film එකක් පැය 3කදි වගේ download කරගන්න පුලුවන්.

      1. හොදයි මුලින්ම මෙන්න මෙ සයිටි එකට ගිහින් Register වෙන්න. http://torrific.com >>>>>>>
      2. register උනාට පස්සේ,තමන්ට Download කරන්න ඔිනි torrent එක තියෙන page එකට යන්න,
      3. දැන් ඒ page එකේ torrent එක download කරන්න තියෙන තැනට ගිහින් සුපුරැදු විදියට download this torrent කියන එක click කරන්නේ නැතුව Right Click කරන්න,
      4. එතකොට එන pop-up menu එකේ තියෙන Copy Link Location එක select කරන්න,



      5. දැන් ආපහු torrric සයිටි එකට යන්න,ඒකේ උඩම තියෙනවා Search Bar එකක්,ඒකට අපි copy කරගත්ත torrent ලින්ක් එක paste කරන්න (පහත රැපයේ අංක 1)
      6. දැන් Get කියන button එක click කරන්න(අංකය 2)
      7. දැන් ඊලගට එක Window එකේ තියෙන Initiate Bittorrent Transmission  කියන tab එක click කරන්න,

      8. දැන් සේරම හරි පහත රැපයේ අංක 3 click කරොත් ​ඒ torrent එකේ තියෙන සියලුම දේවල් Zip කරලා ලබා ගන්න පුලුවන්,නැතිනමි රවුමි කරලා තියෙන කොටසින් ඔයලට ඔිනි කරන ඒවා ටික වෙන වෙනම download කරගන්නත් පුලුවන්.



      December 11, 2011

      බොහොම ස්තුතියි!


      12/11/2011
      හිතවත් ප්‍රේක්ෂකයින් වෙත,

      සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? යන ලිපියෙන් ඔබට අපි ලබා දුන් Trend Micro Titanium Internet Security 2012 සංස්කරණයේ කී ඒක එය වෙනස් කරපු පුද්ගලයා විසින් ඒය නැවත අපගේ ඊමේල් ලිපිනයට ලියාපදිංචියමාරු කර තිබෙන අතර ඒය නැවත පහසුවෙන් ඔබට ප්‍රයෝජනයක් ගත හැකි බව සතුටින් දන්වා සිටින අතර ඒම ක්‍රියාව සිදු කරපු පුද්ගලයා අපි දන්නා අතර ඔහු නැවත ඒය අපගේ පාලනයට ලක් කිරීම නිසා ඔහු පිළිබදව රහස්‍යභාවය සුරකින අතර අපගේ ඉල්ලීමට කන් දී නැවත ඒය යථා තත්වයට පත් කිරීම ගැන අපි ඔහුට ස්තුති වන්ත වන අතර නැවත මෙම මුදෘකාංගය පාවිච්චි කිරීමට හැකි බව සතුටින් දන්වා සිටිමු!

      ස්තුතියි!

                ඇඩ්මින්,
      සොෆ්ට්වෙයා සිංහලෙන්.

      December 10, 2011

      කාරුණිකව දැනුම්දීමයි!



      12/10/2011.

      හිතවත් ප්‍රේක්ෂකයින් වෙත,

      අපි විසින් ඔබලා හට 2011 දෙසැම්බර් මස 05 වෙනි දින සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? ලිපියෙන් ඉදිරිපත් කරපු Trend Micro Security Internet Security 2012 මුදෘකාංගය අපි විසින් මෙදා නත්තලට ඔබලාට තෑග්ගක් වශයෙන් ලබා දුන්නේ එම කී එක අපි විසින් මිලදී ගෙනය.එම මුදෘකාංගය බාගත්තත් එය අවුරුද්දක කාලයක් ඔබලා හට පාවිච්චි කිරීමට කී යෙදු ගමන් එම කී එක ලියාපදිංචි වී තිබෙන ඊමේල් අඩංගු Trend Micro ආයතනයේ ගිණුමේ රහස් වචනය ඉල්ලන නිසා අපි එය ඔබලා වෙත ලබා දුන්නේ ඔබලාට උසස් සේවාවක් ලබා දීමට අපි බැදී සිටින නිසාය.නමුත් එහි සේවාව ලබාගෙන එම රහස් වචනය හා ඊමේල් ලිපිනය වෙනස් නොකරන මෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටියේ එය තවත් අයට ප්‍රයෝජනයට ගැනීම පිණිසය.නමුත් 2012/12/09 සවස 4වන තුරු එම කී එක ලියපන්දිංචි වී තිබු Trend Micro ආයතනයේ ගිණුමට කිසිදු හානියක් නොවී තිබුණි.නමුත් එදින රාත්‍රී 9 වන විට එම කී එක යම් කිසි පුද්ගලයෙකු විසින් ඔහුගේ තියෙන ජරා ගති ගුණවලට එම කී එක ලියපදිංචි වී තිබු ඊමේල් ගිණුම හා රහස් වචනය වෙනස් කර තිබේ.තෑගි බලාපොරොත්තුවෙන් ඒම ක්‍රියාව සිදු කරපු පුද්ගලයා අපි දන්නා අතර ඔහුට අපි දවස් 3ක කාලයක් ලබා දෙන අතර ඒම පුද්ගලයාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඒම කී එක නැවත අපගේ ලියාපදිංචි ඊමේල් ලිපිනය සතු කරන ලෙස.හිතවත් ප්‍රේක්ෂකයිනි ඒම මුදෘකාංගයෙන් වැඩ ගැනීමට සිටි හා වැඩ කරමින් සිටින ප්‍රේක්ෂකයිනි ඔබලාගෙන අපි සමාව ඉල්ලනවා! තවද එම මුදෘකාංගයෙන් වැඩ ගනිමින් සිටින ප්‍රේක්ෂකයිනි ඒම මුදෘකාංගයට‍ ඔබ ලබා දී තිබෙන කී එක අපගේ පාලනයෙන් ගිලිහි තිබෙන බැවින් ඔබලාගේ පරිගණකය වෙත ආරක්‍ෂාවක් දැන් විශ්වාසනීයව ලබා ගත නොහැකි හෙයින් ඒම මුදෘකාංගය පරිගණකයෙන් ඉවත් කර වෙනත් පරිගණක ආරක්‍ෂක මුදෘකාංගයක් වෙත යොමු වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි!

      ඈඩිමින්,                                                                 ඇඩ්මින්,
      සොෆ්ටිවෙයා සිංහලෙන්.                                   සොෆ්ට්වෙයා නොමිලේ.



      ****සමාවෙන්න!****

      අනවශ්‍ය විද්‍යුත් ලිපින සදහටම වල දැමීම 2

      කලින් ලිපියෙන් අනවශ්‍ය ජීමේල් ලිපිනයන් සදහටම ඉවත් කර දමන ආකාරය කියලා දුන්නා.ඒක හුගක් අයට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා.මොකද හුගක් දෙනෙක් ජීමේල් ලිපිනයන් පාවිච්චි කරන නිසා.හරි යාහු ඊමේල් ලිපිනයන් පාවිච්චි කරන අයටත් අනවශ්‍ය ඊමේල් ලිපින කොහොමද ඉවත් කරන්නේ කියලා කල්පනා කර කර ඇත.යාහු ඊමේල් ලිපිනයක් ඉවත් කිරීමට ජීමේල් ලිපිනයක් ඉවත් කිරීමට කටු කැවා වගේ පියවරවල් ගොඩක් නැති නිසා ඒක අතකින් පහසුය.අනිත් අතකින් අමාරුය.අමාරුයි කිව්වේ මෙහි වෙනම ලින්ක් එහෙකට පිවිසිය යුතුය.තමන්ගේ ජංගම දුරකථන අංකයවත් මතක නැති පුද්ගලයින් කොහොමද දිග වෙබ් ලිපිනයක් මතක තියාගන්නේ? එහෙම මතක තියා ගන්න පුළුවන් අයත් නැතිවම නොවේ.හරි සාර්ථක ලෙස යාහු ඊමේල් ලිපිනය සදහටම ඉවත් කර දැමීමට පහත පියවරවල් අනුගමනයෙන් කර ගත හැකිය.
      • මුලින්ම ඔබ ඩිලීට් කිරීමට අවශ්‍ය යාහු ඊමේල් ලිපිනය වෙත පිවිසෙන්න.දැන් ඔබගේ යාහු ඊමේල් ලිපිනය විවෘතව පවතින ටැබ් ඒක වසා දමන්න.
      • දැන් මෙම වෙබ් ලිපිනයට පිවිසීමෙන් පසුව ඔ‍බට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේ.https://edit.yahoo.com/config/delete_user

      • ඒම  පිටුවෙම පල්ලෙහා ඇති please confirm your identity with your password කියන තැනට ඔබ ඩිලීට් කිරීමට තෝරාගෙන තිබෙන විද්‍යුත් ලිපිනය රහස් වචනය ලබා දෙන්න.Type the code shown එකට ඉදරියෙන් ඇති කොටුවට එයට ඉහළින ඇති කොටුවේ පෙන්වන වචන හෝ ඉලක්කම් ඒ ලබා දී ඇති පිළිවෙලටම සදහන් කරන්න.අනතුරුව Terminate this account හෝ YES විධානය ලබා දෙන්න.
      •  දින 90ක කාලයක් තුල ඔබගේ විද්‍යුත් ලිපිනය පද්ධතියෙන් ඉවත් කර දමන බවට සදහන් කරමින් පහත ආකාරයේ පණිවිඩයක් ඔබට දිස්වේ.ඊමේල් ලිපිනය ඩිලීට් කර පසුව එය ඔබට දැන් ගැනීමට අවශ්‍යනම් Click here යන ලෙස සදහන්ව ඇති තැන හරහා ගොස් කරගත හැකිය.


      අනවශ්‍ය විද්‍යුත් ලිපින සදහටම වල දැමීම

       

      කොහොමද  මිතුරනි? හැමෝම යහපත් ජිවිතයක් ගත කරනවා කියලා අපි හිතනවා.එම ජිවිතයේ සතුට තව තවත් වැඩි වී තව චිරාත්කාලයක් එය තිබේවා කියලා සොෆ්ට්වෙයා නොමිලේ පිරිසේ අපි කට්ටියම ඒක සිතින් පාර්ථනා කරනවා! අපි ඉතින් නොයෙකුත් විද්‍යුත් ලිපින නොමිලේ ලබා දෙන සේවාවන් වෙන ගුගල්,හොට්මෙල්,යාහු හා ලයිව් යන ආයතන විසින් මහජනයා වෙත නොමිලේ විද්‍යුත් තැපැල් සේවාවක් හෙවත් ඊමේල් සේවාවන් නොමිලේ සාදා ගැනීමට අවකාශ සලසා දී තිබේ.ඉතින් අපි ඒ ඒක අඩවියෙකින් ඒක බැගින් විද්‍යුත් ලිපින සාදගෙන හෝ එකම අඩවියකින් විද්‍යුත් ලිපින සාදාගෙන තිබේ.නමුත් එයින් ඔබලාගෙන් කියෙන් කි දෙනාද විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කරන්නේ හා භාවිතා නොකරන විද්‍යුත් ලිපින දහස් ගණනකටත් වඩා තිබේ.

      නමුත් ඒවගෙන් ප්‍රයෝජනය ලබා ගත් පසු ඒම ලිපිනයන් එලෙසං තබා ඔබ ඒම සේවාවෙන් ඉවත් වේ.නමුත් යම් කිසි පුද්ගලයෙකු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ඔබගේ පුද්ගලික තෝරතුරු හෝ ඔබගේ වෙළද ව්‍යාපාරයේ රහස්ද සෝරා ගැනීමට පුළුවන.ඒම නිසා ඔබලා ඒම විද්‍යුත් ලිපින පාවිච්චිය නවතා දැමීමට ප්‍රථමව ඔබගේ ඊමේල් ලිපිනය ඩිලීට් කිරීම වටියි.ඉතින් එවැනි දෙයක් කිරීම මගින් ඔබගේ හිතටත් නිදහසක් ලැබේ.ඉතින් එවැනි නිදහස් ජිවිතයක් ගත කිරීමට ඔබ පාවිච්චියෙන් ඉවත්කර තිබෙන හෝ ඉවත් කිරීමට බලාපොරොත්තුවෙන ඊමේල් ලිපින පහත ආකාර අනුගමනය කිරීමෙන් සාර්ථකව ක්‍රියා කිරීමට හැකි වේ.

      • පළමුව ඔබඩිලීට් කිරීමට අවශ්‍යජීමේල් ලිපිනය වෙත පිවිසෙන්නේ.එහි දකුණු පස කෙලවරේ ඇති Optionsවල ඇති Mail Settings තෝරා ගන්න.
      • එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙන අතර එහි ඇති Accounts & Import ටැබ් ඒක තෝරාගන්න.එහි ඇති Other Google Account Settingsකියන ඒක තෝරාගන්න.

      • පහත  ආකාරයේ වෙබ් පියුවක් දැන් ඔබට ලැබේ.එහි ඇති My Products කියන එකට ඉදිරියෙන් ඇති Edit කියන ඒක තෝරාගන්න.

      • නැවතත්  වෙනම වෙබ්පිටුවක් විවෘත වන අතර එහි ඇති Remove Gmail permanently ඒක තෝරාගන්න.

      • ඊළගට  පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට ලැබේ.එහි ඇති Yes, I want to delete permanently  එකට ඉදිරියෙන් ඇති කොටුවට හරිය දමාගන්න.පසුව New email Address කියන තැනට ජීමේල් නොවන විද්‍යුත් ලිපිනයක් ලබා දෙන්න.එකට් ඔබ ඩිලීට් කිරීමට‍ තෝරාගෙන ඇති විද්‍යුත් ලිපිනයේ රහස් වචනය ලබා දෙන්න.Remove Gmail විධානය ලබා දෙන්න.

      • දැන්  ඔබට ඉහත ලබාදුන් ජීමේල් නොවන විද්‍යුත් තැපැල් ලිපිනයට ජීමේල් ලිපිනය ඩිලීට් කිරීම සහතික කරගැනීමට මේල් එකක් යැවූ බව පහත පරිදි පණිවිඩයකින් ලැබේ.දැන් ඔබ ඒම ජීමේල් නොවන විද්‍යුත් තැපැල් ලිපිනයට පිවිස (ඉහත ලබා දුන් ලිපිනයට) ඔබට ගුගල් ආයතනයෙන් ලැබී තිබෙන මේල් එකේ ඇති ලින්ක් ඒක තෝරාගන්න.

      • මේල්  එකේ තිබු ලින්ක් ඒක ක්ලික් කිරීමෙන් ඔබට නැවත ජීමේල් ලොගින් පිටුවට පිවිසේ.ඔබ ඩිලීට් කිරීම කරමින් තිබු විද්‍යුත් තැපැල් ලිපිනය හා රහස් වචනය ලබා දී ලොගින් වූ පසු පහත පරිදි පණිවිඩයක් ලැබෙන අතර එහි ඇති Click here to continue විධානය ලබා දෙන්න.

      • සාර්ථක  ලෙස විද්‍යුත් තැපැල් ලිපිනය ඩිලීට් කර දැමු බව සදහන් කරන පණිවිඩය ඔබට පහත පරිදි දැකගත හැකි වේ.
       



      December 8, 2011

      ප්‍රොසෙසරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු (හතරවැනි පර්ච්ඡේදය)


      • වේගය
      දැන්  වෙළද පොළේ 3GHz හෝ ඊටත් වඩා වේගයෙන් යුත් ප්‍රොසෙසර තිබේ.

      • කැෂ් මෙමරි ප්‍රමණය
       1MB හෝ ඊට වැඩි ප්‍රමාණයක් වීම උචිතය
      • මවුපුවරුවට සවිකිරීමට ඇති හැකියාව
      විවිධ  ප්‍රොසෙසරවල ප්‍රමාණය හා පින් ගණන අනුව එය සවිකිරීම සදහා මවුපුවරුවේ සොකට් එකක් පිහිටුවා ඇත.මේ නිසා ලබා ගන්නා ප්‍රොසෙසරය සවි කළ හැකි මවුපුවරුවක් මිලදී ගත යුතුය.මෙහිදී මවුපුවරුවේ වර්ගය ගැනද සැළකිලිමත් විය යුතුය.පෙන්ටියම් IV ප්‍රොසෙසරයක් යොදා ගන්නා විට නියම ඉන්ටෙල් මදර්බෝඩ් එකක් භාවිතා කිරීමෙන් පරිගණකය භාවිතයේදී ඇතිවෙන තාක්ෂණික ගැටළු අඩු වනු ඇති.අලුත් පෙන්ටියම් IV ප්‍රොසෙසර් සදහා දැන් භාවිතා වන්නේ LGA 775 නම් සොකට් එකයි.මේ නිසා පැරණි පෙන්ටියම් IV ප්‍රොසෙසර් මෙම අලුත් මවුපුවරුව මතට සවි කල නොහැකිය.එසේම මෙම අලුත් ප්‍රොසෙසර් පැරණි 475 වර්ගයේ සොකට් ඇති මවුපුවරුවලට සවි කිරීමද කළ නොහැකිය.
      • වගකීම් කාල සිමාව
      අවම  වශයෙන් වසරක හෝ ඊට වඩා වැඩි වගකීම් කාලයක් ලබා ගැනීම හොදය.

      වැදගත්,
      පෙන්ටියම් ෆෝ ප්‍රොසෙසරයක් සාමන්‍යයෙන් විකුණන්නේ එයට උචිත කුලින් ෆැන් එකක් හා හීට් සින්ක් එකක් සහිත පැකේජයක් ලෙසය.(පහත රුපයේ පරිදි)


      ඒඑම්ඩ් හෝ වෙනත් වර්ගයක ප්‍රොසෙසරයක් ගන්නා විට ඊට වඩාත් සුදුසු කුලින් ෆැන් එකක් සොයා සවි කළ යුතුය.එහි විශාලත්වය වැඩි වන තරමටම ප්‍රොසෙසරයක් හොදින් සිසිල් වේ.එවිට පරිගණකය ක්‍රියාත්මක වීමේදී වඩා හොද කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර ස්ටක් වීමද අඩු වේ.ප්‍රොසෙසර් නිෂ්පාදන සමාගම් නිතරම අලුත් තාක්ෂණය රැගත්, වඩා වේගවත් මෙන්ම කාර්යක්‍ෂම ප්‍රොසෙසර් නිපදවීමට පෙළබේ.අද මිලදී ගන්නා අලුත්ම ප්‍රොසෙසර් සහා ඊට සරිලන මවුපුවරුව තවත් අවුරුද්දක් යන්නට මත්තෙන් පැරණි වන අතර ඒවාට ගැළපෙන අලුත් අමතර කොටස් වෙළද පොළෙන් සොයා ගැනීම අසීරු වනු ඇත.උදාහරණයක්‌ ලෙස අද වෙළද පොළේ පෙන්ටියම් ත්‍රි හෝ පෙන්ටියම් ෆෝ වර්ගයේ පැරණි ප්‍රොසෙසර් හෝ ඒවාට ගැළපෙන මවුපුවරු මිලදී ගන්නට නැත.දැන් ඇත්තේ එල්ජීඒ ප්‍රොසෙසරයක් හා මවුපුවරුවක් පමණි.මේ නිසා ප්‍රොසෙසරයක් තෝරා ගැනීමේදී අලුත් මාදිලියක එකක් තෝරා ගැනීම වාසි සහගතය.

      ප්‍රොසෙසරය හෙවත් සිපියු (තෙවැනි පරිච්ඡේදය)

      පරිගණකයක ඇති ප්‍රධානම උපාංගය වන්නේ ප්‍රොසෙසරයයි.පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි.බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේ එහි ප්‍රොසෙසර් වර්ගය හා වේගය කීමෙනි.ප්‍රොසෙසර් වර්ග කිහිපයක් තිබේ.ඉන්ටෙල් (Intel),ඒඑම්ඩි (AMD),මොටෝරෝලා (Motorola),සයිරික්ස් (Cyrix) යනු ඉන කීපයකි.මේවා අතරින් ජනප්‍රියම ප්‍රොසෙසරය ඉන්ටෙල් සමාගමේ ඉන්ටෙල් පෙන්ටියම්ය (Intel Pentium).පරිගණකය ක්‍රියාත්මක වීමට අදාළ ගණනය කිරීම් හා පාලනය කිරීමේ කටයුතුවලින් වැඩි පංගුවක් ඉටු කරන්නේ මධ්‍යම සැකසුම් ඒකකය මගිනි.උපදේශන මෙහෙයවිය හැකි වේගය අනුව සිපියු වර්ග කෙරේ.පරිගණකයේ කාර්යක්‍ෂමතාව කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රොසෙසරය හෙවත් සිපියුහි වේගයයි.සිපියුවල වේගය මෙගාහර්ට්ස් (MHz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය (clock speed) ලෙසද හදුන්වයි.වේගයේ අගයෙන් කියවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය (run) කිරීමට හැකි වේගයයි.

      සිපියු එකක ධාරිතාවය (capacity) පද විශාලත්වය (word size) යනුවෙන්ද හදුන්වයි.පදයක් යනු එකවරකදී සිපියු එකෙහි ගබඩා කොටගෙන මෙහෙයවිය හැකි උපරිම බිටු (bits) ගණනයි.වේගය හර්ට්ස් එකක් (1 Hz) යැයි කීමෙන් අදහස් වනුයේ එම ප්‍රොසෙසරයට තත්පරයක් තුළදී යාන්ත්‍රික උපදේශන (Machine Instruction) හෙවත් මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකක් ක්‍රියාත්මක කළ හැකි බවය හර්ට්ස් දහසක් යනු කිලෝ හර්ට්ස් (KHz) එකකි.මෙගා හර්ට්ස් දහසක් ගිගා හර්ට්ස් (GHz) එකකි.

      • මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස්
      පරිගණකය  වෙත යම් විධානයක් ලබා දුන් විට පරිගණකය විසින් එය පරිගණකභාෂාවට හරවා ගනී.එසේ පරිවර්තනය කර ගත් උපදෙස් මාලාව ක්‍රියාවට නගන්නේ ප්‍රොසෙසරය මගිනි.ප්‍රොසෙසරය මෙසේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ අංක ගණිත සහ තාර්කික මෙහෙයුම් (Arithmetic & Logic Operations) භාවිතා කරමිනි.මෙසේ ප්‍රොසෙසරය මගින් ක්‍රියාවට නංවන උපදෙස් මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් ලෙස හදුන්වනු ලැබේ.(යතුරු පුවරුවේ එක් යතුරක් එබීමෙන් පරිගණකය වෙත ලබා දෙන උපදෙස් ඇතැම්විට මැෂින් ඉන්ස්ට්‍රක්ෂන්ස් සිය ගණනක් විය හැකිය.)

      ප්‍රොසෙසරය ක්‍රියාත්මක වන විට ඒය සෙල්සියස් අංශක 60කට කිට්ටු උෂ්ණත්වයකට රත්වේ.මේ රත් වීම නිසා ප්‍රොසෙසරයේ කාර්යක්‍ෂමතාවය පහළ බසී.ඒ නිසා ප්‍රොසෙසරයේ උෂ්ණත්වය අඩු කළ යුතුය.ඒ සදහා ප්‍රොසෙසරයට ස්පර්ශ වන ලෙස තාප සන්නායක තහඩු (heat sink) තබා එයට අධිවේගී සිසිලන පංකාවක් සවි කර තිබේ.ප්‍රොසෙසරයේ උපදින තාපය තාප සන්නායක තහඩු දිගේ එළියට කාන්දු වන අතර සිසිලන පංකාවක් ලැබෙන සුළං ධාරාවෙන් එම තාපය ඉවත් කරමින් තහඩු සිසිල කරයි.මේ ක්‍රියාව දිගින් දිගටම සිදුවීමේදී ප්‍රොසෙසරයේ රස්නය අඩු වේ.

      ඉන්ටෙල් සමාගම විසින් ඉන්ටෙල් සෙලෙරොන් (Intel Celeron) නමින් මිල අඩු ප්‍රොසෙසර වෙළද පොළට ඉදිරිපත් කර ඇත.සෙලෙරොන් වර්ගයේ ප්‍රොසෙසරයද පෙන්ටියම් IV ප්‍රොසෙසරවල වේගවලින් ම යුත් වුවත් පෙන්ටියම්වලට වඩා මිලෙන් අඩුය.නමුත් පරිගණකය තුළ ක්‍රියාත්මක වීමේදී සෙලෙරොන් ප්‍රොසෙසර ඉන්ටෙල් ප්‍රොසෙසරවලට වඩා අඩු කාර්යක්‍ෂමතාවයක් පෙන්වයි.එයට හේතුව සෙලෙරොන් ප්‍රොසෙසරය සතුව ඇත්තේ 512KB තරම් අඩු වාරක මතක හෙවත් කෑෂ් මෙමරිය (cache memory) ප්‍රමාණයක් වීමයි.එහෙත් පෙන්ටියම් IV ප්‍රොසෙසරයක 1MB හෝ ඊට වඩා කෑෂ් මෙමරියක් තිබේ.

      • කෑෂ් මෙමරිය
       මෙය ප්‍රොසෙසරය තුළ පවතින තාවකාලික මතකයකි.එක විට වැඩිඋපදෙස් ප්‍රමාණයක් ප්‍රොසෙසරය වෙතට ලබා දුන් විට හෙවත් එකවර කාර්යයන් කිහිපයක් කරන සමහර අවස්ථාවලදී ප්‍රොසෙසරයට එය දරා ගත නොහැකිව ක්ෂණිකව ක්‍රියා විරහිත වේ.හෙවත් ස්ටක් (stuck) වේ.වැඩි කෑෂ් මෙමරියක් ප්‍රොසෙසරය සතුව ඇත්නම් මෙය සිදු නොවේ.එවිට එකවිට ලබා දෙන උපදෙස් කෑෂ් මෙමරිය තුළ තබාගෙන (buffer) ඒවා එකින් එක ක්‍රමවත්ම ප්‍රොසෙසරය වෙත ලබා දේ.
      එල්ජිඑ (LGA- Land Grid Array) තාක්ෂණය යනු ප්‍රොසෙසරය මත උපදින තාපය පෙරට වඩා කාර්යක්‍ෂම ලෙස ඉවත් කිරීමට හැකිවෙන ක්‍රමයකි.මෙම නව තාක්ෂණය සහිත ප්‍රොසෙසර්වල (දකුණු පස රූපය) පැරණි ඒවායේ (වම් පස රූපය) මෙවන් මවුපුවරුව සමග සම්බන්ධ වීම සදහා තුඩු (pin) නැත.ඒ වෙනුවට පිහිටුවා ඇත්තේ ලෝහ ස්පර්ශක කීපයකි.

      නොමිලේ පරිගණකය සුද්ද කරමු 4

      අපගේ  පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේවල් එහෙම ඇවිත් අපගේ පරිගණකයේ අපි නොදැනුවත්ම ඇවිත් තැන්පත් වෙනවා.ඒම දේවල් නිසා අපගේ පරිගණකයේ වේගය බාල වෙන අතර සමහරක් අවස්ථාවල පරිගණකය හිර වීමට පවා සිදුවේ.ඒම නිසා ඒම ඕන නැති දේවල් සුද්ද කරලා දාන මුදෘකාංගයක් තමා Tune Up Utilities 2012 මුදෘකාංගය.2011 සංස්කරණයට වඩා 2012 සංස්කරණයේ ඇති වෙනස මෙහි ඔබගේ පරිගණකය ලැප්ටොප් පරිගණකයක් නම් ඔබගේ ලැප්ටොප් ඒකෙහි වේගය වැඩි කරමින් වින්ඩොව්ස් 7 හෝ ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන වේගය වැඩි කරගැනීමටද ඔබට පුළුවන්.මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ පෙන්ඩ්‍රයිව් එහෙක පවා තබා ගෙන මෙම මුදෘකාංගයෙන් වැඩ කිරීමට හැකියාව තිඅතර ඉන්ස්ටෝල් නොකරන නිසා ක්‍රැක් කර හෝ පැට්ච් කිරීමේ වදයෙන්ද ඔබව නිදහස් කර ඇති අතර ඔබගේ ඔබගේ පරිගණකයද ආරක්ෂා වේ.මෙය හරහා ඔබගේ පරිගණකය වේගවත් කරඅ ගත හැකි අතර ඊට අමතරව ඔබ ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කරන්නෙක් නම් ඔබගේ ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ආයු කාලයද වැඩි කර ගත හැකි අතර බැටරිය අරෝපනයෙන් දවසේ වැඩ කරන ප්‍රමාණයද දීර්ඝ කරගත හැකිය.මෙය ජංගම කිරීම කලේ සොෆ්ට්වෙයා නොමිලේ විසිනි.


      December 7, 2011

      ඕන දෙයක් ඉක්මණට බාගන්න 3

       
      ඉතින් එන්න එන්න 2011 වර්ෂයත් නිමවීමට ආසන්න වෙමින් පවතිනවා.නමුත් පවතී මිල ගණන ඉහළ යමක මිස අඩු වීමක් කවදාවක්ම ලැබුනේ නැහැ.අධිවේගයෙන් යන මහා මාර්ග තනුවට තාක්ෂණය මන්දගාමී වී ඉබි ගමනේ යාමටත් දැන් ආසන්න වී ඇත.බොහොමයක් අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් රුපවාහිනී තිරයට අන්තර්ජාල වේගය පිළිබදව සුරංගනා ලෝකවල් මවා පෙන්නුවත් දන්නෝ දනිති ඇත්ත විස්තරේ.සුරංගනා කථාවලට රැවටිච්ච මිනිස්සු ඉතින් සේවාව ලබාගත් පසු රුපවාහිනී තිරයේ මැවූ සුරංගනා වේගය නොලැබුණු බව දැන් ගද්දි සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරය.අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නැති නිසා සේවාව එලෙසම පවත්වා ගැනීම නිසාදෝ ඒම සේවාවන් සපයන ආයතන අපිව තවත් අමාරුවේ දමමින් ලැබෙන ඉබි ගමන් වේගයටත් අකුල් හෙලමින් ලිමිට් දමමින් ඒක ඒක වයිවාරන කියයි.එහෙම රටක ජිවත් වෙන අපිට වැදගත්ම මුදෘකාංගයක් තමයි IDM හෙවත් Internet Download Manager ඒක.


      ඒම මුදෘකාංගයද නොමිලේ ලබා නොදෙන බැවින් ගහෙන් වැටිච්ච මිනියාට ගොනා අන්නා වගේ වැඩක තමා වෙන්නේ.මොකද දින 30ක අත්හදා බැලීමේ කාලයනිමවූ පසු එයින් ප්‍රයෝජන ගැනීමට මුදල් ලබා දිය යුතුය.වෙනත් එවැනි මුදෘකාංග තිබුනත් Internet Download Manager ඒක තරම් ඒවා කර්යක්ෂම නොවේ.ඉතින් අපි Internet Download Manager ඒකක්‍රැක් කරගෙන පාවිච්චියට ගැනීමට පුරුදුව සිටි.ඒම වදයෙන් මිදීමට දැන් ඔබට හැකිය.එනම් Internet Download Manager හී අලුත්ම සංස්කරණය වන 6.08බෙටා හී ජංගම ලෙස ඔබට පාවිච්චියට ගත හැකි නිසා ක්‍රැක් කරමින් ජිවත් වීමට අවශ්‍ය නොවේ.


      මෙම මුදෘකාංගය හරහා අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දෙයක් ඔබගේ සේවා සැපයුම් කරු විසින් ඔබට ලබා දෙන නියත වේගය එලෙසම රදවා ගනිමින් ඔබ බාගන්නා දෙය ඉක්මනින් බාගැනීමට හැකියාව ඇති අතර යුටියුබ් හී වීඩියෝ හා ටොරන්ට් ෆයිල් ඉතාමත් ලේසියෙන් බාගැනීමට ඔබට හැකියාව ලැබේ.ඉතින් ක්‍රැක් වදයෙන් මිදී ජංගම ව්දියට ඕන දෙයක් බාගන්න පහතින් Internet Download Manager 6.08 බීටා ජංගම මාදිළිය බාගන්න.



      December 2, 2011

      ජංගම වීඩියෝ බැලීම 2


      අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන්න වෙන්නේ නැහැ.මොකද ඒවා වැඩ කරන්නේ නැති හින්දා.එකට හොද විසදුමක් තියෙනවා.නොමිලේ ලබාදෙන ප්ලේයර් එකක් වන මෙය VLC Media Player Portable ය.මෙහි ඕනෑම වීඩියෝ එකක් බැලීමට හැකියාව ඇති අතර එම නිසා වීඩියෝ ෆෝමැට් වෙනස් කර කර බැලීමට අවශ්‍ය නොවේ.මෙම ප්ලේයර් එකේ මුහුණත හෙවත් interface ඒක පාවිච්චි කරන පුද්ගලයාගේ පහසුව පරිදි ඉතාම සිත් ගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර මෙහි චිත්‍රපටියක් බලන විට එයට අවශ්‍ය sub ෆයිල් අපිට තෝරා ලබදීමට පහසුකම් සලසා තිබේ.මෙහි,
      • Simple, Powerful and Fast
      • Plays everything, Files, Discs (DVD, CD, VCD, Blu-Ray), Webcams and Streams 
      • Plays most codecs with no codec packs needed: MPEG-2, H.264, DivX, MPEG-4, WebM, WMV player 
      • Completely Free, 0 Spyware, Ads or User Tracking 
      • Works on most platforms: Windows, Linux, Mac OS X, Unix... 
      • Media Converter and Streamer 
      ඇතුළුව තවත් බොහෝ පහසුකම් මෙහි ඇතුලත්ය.ජංගම වීඩියෝ බැලීමකට ප්ලේයර් ඒක පහතින් බාගන්න.


      copy කරන්නන්ට දෙන අවවාදය!