New !.... Online Customer Care

My status

January 18, 2012

Task Bar එකට Shadow එකක් දාගන්න

සෑම පණ තියෙන පණ නැති ජිවියෙකුටම සෙවනැල්ලක් තියෙනවා නේ ගස් වැල් වලටත් එක්කම.එකනේ හොල්මන්ට හෙවනැල්ලක් නැහැ කියන්නේ.නමුත් හොල්මන් කියලා දෙයක් තියෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ.මම තාම දැකලා නැති හින්දා.නමුත් මම බොරැල්ල කනත්ත ගාවින් තාම යාළුවන් එක්ක පිස්සු නටලා ගෙදර යන්නේ මහා රෑ තනි පංගලමේ.කියන්න තරම් හොල්මනක් නම් මුණ ගැහිලා නෑ තාම.

මම නම් හිතන්නේ කිසි වැඩක් කරගන්න බැරි මිනිස්සු තමා ඒ වැරැද්ද හොල්මන්ට පටවලා බේරෙන්න බලන්නේ.ඉරිදා ලංකාදීප පත්තරය ගන්නවා නම් හොල්මන් කියලා දෙයක් නැහැ කියලා තක්සලාවේ අතිරේකේ කියෙව්වම තේරෙයි.කොහොම හරි දැක්කත් නොදැක්කා ගානට ගියාම ඉවරයිනේ.දියුණු ජීවි වන මනුස්සයාට කරදර කරන්න පුළුවන් ඉතින් මනුස්සයෙකුටම පමණයි.

හරි අපි අපේ පරිගණකය එහෙත් නැතිනම් කොම්පියුටර් එකේ ටාස්ක් බාර් එකට සෙවණැල්ලක් දාගන්න කැමති අය ඇතිනේ.ඒ කියන්නේ ටාස්ක් බාර් එකට උඩින් ලස්සන සෙවණැල්ලක් දාගන්න පුළුවන්.ඉතින් එහෙම සෙවණැල්ලක් දාගෙන ඇති වැඩේ මොකද්ද කියලා කට්ටියක් හිතයි.එකත් ඇත්ත.නමුත් ලස්සන ගැන හිතන උදවියට මේක වැදගත් වෙයි කියලා හිතුණු හින්දයි දැම්මේ.ඕන කට්ටිය එහෙනම් පහතින් මුදෘකාංගය බාගෙන run කරන්න විතරයි තියෙන්නේ.පරිගණකය මන්දගාමී වීමක් සිදුවෙන්නෙත් නැහැ.සෙවණැල්ල එපා උනාම සෙවණැල්ල උඩ right ක්ලික් කරලා Exit කියන එක තේරීමෙන් සෙවණැල්ල නැති කරගන්න පුළුවන්.මේක වින්ඩෝස් 7ට පමණයි වැඩ කරන්නේ.





Zip Password: softwarenomile

Reactions:

0 comments:

copy කරන්නන්ට දෙන අවවාදය!