New !.... Online Customer Care

My status

නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?

WebCam එක Security Cam එකක් කරමු!

අපි මාතෘකාවට බහිමු.මාතෘකාව කියවපු ගමන් තේරෙනවානේ අද මොකක්ද කරන්න යන්නේ කියලා?අපි අද නිකන් තියෙන web cam එක security cam එකක් කරන්නයි යන්නේ. හැබැයි නිකන්ම නිකන් security cam එකක් නෙවෙයි,Motion Detection Security Cam එකක් :O

Crack කරගෙන Folder Lock දාන්නේ මොකටද?

අපි හුගක් වෙලාවට තමතමන්ගේ පෙෘද්ගලික දේවල් පරිගණකය තුල හංගන්න Folder Lock Software's පාවිචිචි කරනවා.ඒත් ඒ සේරම වගේ Software's අපි මුදල් ගෙවලා මිලදී ගත යුතු Software's.ඒ වගේ වෙලාවට අපේ කස්ටිය කරන්නේ Crack කරපු Software's පාවිචිචි කරනවා.crack කරපු Software වලින් අපිට ඔිනි වැඩෙී කරලා දෙනවා,නමුත් හුග දෙනෙක් නොදන්න කරැණ තමයි මෙි Cracked Software's අපේ පරිගනකයට දැඩි ලෙස හානි කරනවා.

Unlock Any Dongle Totally Free

මෙන්න ගොඩක් අයට හුගාක්ම ඔිනි කරන Software කැල්ලක්.හොදම ආරංචිය තමයි මෙ Software එකෙන් ඔීනම Dongle එකක් තත්පර කිහිපයක් ඈතුලත Unlock කරගන්න පුලුවන්?කරන්න තියෙන්නේ Software එක දාලා Dongle එක Plug කරලා Unlock කියන Button එක Click කරන එක විතරයි?

WiFi Watcher කෙනෙක් සේවයට යොදවා ගන්න!

ලංකාවේ බොහෝ දෙනෙක් අන්තරජාලය පාවිච්චි කරන්නේ කේබල් එකක් හරහා හෝ ඩොන්ගල් එකක් මගින්ය.නමුත් වයිෆයි නෙට්වර්ක් එකක් හරහා අන්තරජාලය පාවිච්චි කරන අයත් නැතුවාම නොවේ.ඉතිං එහෙම වයිෆයි සබදතාවයක් තියෙන හුගාක් උදවිය ඒවාට සම්බන්ධ වීමට රහස් වචනයක් යොදාගෙන තිබේ.නමුත් එහෙම වයිෆයි නෙට්වර්ක් එකට රහස් වචනයක් දාලා තිබ්බත් ඒවාට හොර රහසේ ඇතුළුවීමට හැකියාවක් තිබේ.එහෙම හොර රහසේ ඇතුළු වෙලා ඉන්න අයව අදුර ගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමා WiFi Network Watcher මුදෘකාංගය.

April 27, 2012

පැතිර යන අලුත්ම පරිගණක වෛරසය ගැන ඔබ දැනුවත්ද?

DNS Changer නම් වූ පරිගණක වෛරසයක් පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාල ග්‍රාහකයන් ග්‍රහණය කරගෙන ඇත.

මෙම වෛරසය පැතිරීම ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය මගින් අත්හිටුවා ඇති අතර ඔවුන් විසින් දැනට වෛරසය පැතිරුණු පරිගණක සොයා මෙහෙයුමක් දියත්කොට ඇත.

මෙම වෛරසය මගින් සිදු වන්නේ පරිගණකයේ ඇති DNS සැකසුම් වෙනස් කිරීමයි.සාමාන්‍යයෙන් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි සමග සම්බන්ධ වනුයේ අයි පී නම් ප්‍රොටෝකොලයක් මගිනි.

මෙය කේතයක් වශයෙන් දිස් වන හේතුවෙන් සාමන්‍ය ජීවිතයේදී මතක තබා ගැනීමට හැකිවන පරිදි ඩොමේන් නාමයන් වෙත පරිවර්තනය කිරීම DNS හරහා සිදු කරනු ලැබේ.මෙම DNS සැකසුම අන්තර්ජාල සේවා සපයන්න විසින් ලබා දෙන අතර ඒ අනුව අප එදිනෙදා භාවිතා කරන වෙබ් අඩවි වෙත යැවෙනුයේ  DNS හරහාය. 

ඉහත සඳහන් කල වෛරසය මගින් සිදු කරනු ලබන්නේ වෙබ් අඩවි වල සැබෑ DNS සැකසුම් වෙනස්කොට ඔවුන්ගේ ව්‍යාජ දත්ත ඇතුළත්කිරීමයි.එවිට අප වෙබ් අඩවියක නමක් ඇතුලත් කල විට ඔවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවියකට අපව නොදැනුවත්වම රැගෙනයාම සිදු වේ.


ඒ අනුව අපගේ රහස්‍ය තොරතුරු අප කිසිදු සැකයකින් තොරව ඇතුලත් කරීමත් සමග ඒවා හැකර්වරුන්ගේ අතට පත්වේ.ලොව පුරා ඇති පරිගණක මිලියන පහකට මෙම වෛරසය පැතිරගොස් ඇත.

තවමත් ලංකාවේ මෙය පැතිරී ඇති පැමිණිලි නොලැබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

වෛරසය පැතිරුණු පරිගණක ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීම වැලැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ලබන ජුලි මස 9 වනදා සිට වෛරසය පැතිරුණු පරිගණක අන්තර්ජාලයට සම්බන්ධවීම වලක්වනු ලැබේ.


එයට පෙර ඔබගේ පරිගණකයටත් මෙම වෛරසය පැතිරී ඇත්දැයි පහත සබැඳියෙන් බලා ගත හැක.

http://www.dns-ok.us/

එහිදී
DNS Resolution = GREEN
ලෙස ලැබෙන්නේ නම් ඔබේ පරිගණකයට වෛරසය පැතිරී නැත

DNS Resolution = RED ලැබෙන්නේ නම් වෛරසය පැතිරී ඇත

April 25, 2012

ලොව ප්‍රථම වතාවට නොකියා සැම්සුන්ග්ට පරාද වෙයි

ෆින්ලන්ත ලෝකප්‍රකට දුරකථන නිෂ්පාදන සමාගමක් වන නොකිආ සමගාමේ දුරකථන අලෙවිය අභිබවා යාමට කොරියානු දුරකථන නිෂ්පාදන සමාගමක් වන සැම්සුන්ග් සමාගම සමත්වී තිබෙනවා.

මෙලෙස නොකියා සමාගමේ දුරකථන අලෙවිය වෙනත් සමාගමකට දෙවෙනි වී ඇත්තේ ප්‍රථම වතාවටයි.

අලෙවි වාර්තා හෙළිකරන පරිදි මෙම වසරේ ජනවාරි මස සිට මාර්තු දක්වා වූ ප්‍රථම කාර්තුවේදී සම්සුන්ග් දුරකථන එකක මිලියන 88 ක් අලෙවි වී ඇති අතර නොකියා දුරකථන අලෙවි වී ඇත්තේ එකක මිලියන 83 ක් පමණි.

සමාර්ට්ෆෝන් වෙළඳපොල තුල නොකියා සමගාම යම් පසුබෑමකට ලක්වෙමින් සිටින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.


ඔවුන් පෙන්වා දෙන්නේ වසර 14 ක් ඔස්සේ පවත්වාගෙන ආ තත්වය නොකියා සමාගමට අහිමි වීම ඔවුන්ට දරුණු පහරක් විය හැකි බවයි.

1988 දී මොටෝරෝල සමාගම අභිබවා යමින් නිඔකියා සමාගම දුරකථන නිෂ්පාදකයන්ගේ මුල් තැනට පත්විය. 


ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතියත් සමගින් පැමිණෙන සැම්සුන්ග් ස්මාර්ට් දුරකථන හොඳ තරඟයක් ලබාදීමට හැකි දුරකතනයක් නිපදවීමට නොකියා සමාගම අසමත්වී ඇති බවද වෙළඳපොල විචාරකයන් පවසයි.

April 13, 2012

....:::: සුභ අලුත් අවුරුද්දක් වේවා !!:::::......

උදාවන්නා වූ නව අවුරැද්ද සාමය සතුට ​ෙසෘභාග්‍ය සපිරි සුභ නව වසරක් වෙීවා!!!

April 12, 2012

සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු

අද දින (11) ඇතිවුන භූමිකම්පාව හා සුනාමි අනතුරු හැඟවීම් පිලිබදව තොරතුරු සැපයීමේදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කටයුතු කලේ මන්දගාමී ලෙසයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය යාවත්කාලින කිරීමද පවතින්නේ ඉතාම අසතුටු දායක මට්ටමකයි.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින්ම ඔවුන් කෙරහි ඇති මහජන විශ්වාසය බිඳ ගෙන ඇති නිසා ඇතැම් මාධ්‍ය ආයතන මෙන්ම ජනතාවද මෙවැනි අවස්ථාවලදී විදේශීය ආයතන වලින් ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට පුරුදුව සිටිනවා.

මෙවැනි භූමිකම්පා, සුනාමි, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් වලදී ඒ පිළිබඳව ඉක්මනින් හා නිවැරදිව ලබා ගැනීමට gdacs.org නමැති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් ඔබට පුළුවන්. මෙම gdacs.org වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපිය කොමිසමයි. මෙහි ලියාපදිංචි වීම මගින් ලොව ඕනෑම තැනක සිදුවන ස්භාවික ආපදාවක් ඉක්මනින්ම SMS පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ඔවුන් නොමිලේම දැනුම් දෙනවා.

මේ සදහා ලියාපදිංචි වන අයුරු පහත දැක්වේ.

පියවර 1 
http://register.gdacs.org/Detail.aspx 
මෙම ලින්ක් එකට ගොස් ඔබගේ ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එකක් ලබාදී Next කරන්න. 

පියවර 2
ඊලග පිටුවේදී ඔබගේ නම සහ රට ලබා දෙන්න. අනිකුත් විස්තර පිරවීම අත්‍යවශ්‍ය නැත. දැන් Next කරන්න.

පියවර 3
මෙහි ඇති Service Type යන්නෙන් SMS යන්න තෝරා ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදිව, ඔවුන් දන්වා ඇති ආකාරයට ලබාදෙන්න. ඉන්පසු Add Address යන්න ක්ලික් කරන්න.
එවිට ඔබ නිවැරදිව අංකය ඇතුලත් කර ඇත්තම් Your current service addresses යන විස්තරය යටතේ ඔබගේ දුරකථන අංකය පෙන්වනු ඇත. මේ ආකාරයට ඔබට ඔබගේ නිවැසියන්ගේ ජංගම දුරකථන අංකද ඇතුලත් කර ගත හැක. ඔබට අවශ්‍ය දුරකථන අංක ඇතුලත් කරගැනීමෙන් පසු Next ක්ලික් කොට ඊලග පිටුවට යන්න.
පියවර 4 
දැන් Add a new alerting service to my account යන්න යටතේ Service Type යන්නෙන් SMS තෝරා Disaster Type යන්නෙන් ඔබට අවශ්‍ය කුමන අන්දමේ අනතුරු හැගවීමක් ද යන්න තෝරා Add Service ක්ලික් කරන්න. ඔබට Disaster Type එකක් හෝ කිහිපයක් වුවද මේ ආකාරයට ඇතුලත් කර ගත හැක. ඉන්පසු Next කරන්න. 

පියවර 5 
මෙහිදී ඔබ ඇතුලත් කෙරු විස්තර සියල්ලම පෙන්වන අතර ඒවා නිවැරදි බව තහවුරු කර Accept Conditions for use යන්න tick කොට Save කරන්න.
ඉන්පසු එහි සදහන් අන්දමට ක්‍රියා කර ඔබගේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකය තහවුරු කරගෙන ඔබටත් මෙම ස්වභාවික විපත් පිළිබද අනතුරු හැඟවීම් නොමිලේම ලබාගත හැක.

උපුටා ගැනීම Gossip9

copy කරන්නන්ට දෙන අවවාදය!